Tuesday, May 22, 2018

Congratulations!


වසර තුන හතරක් තිස්සේ උපාධිය හදාරා, පළමු පෙල  සාමාර්ථයක් ලබා ගෙන එම ශිෂ්‍ය කණ්ඩායමේ ම ප්‍රථම ශිෂ්‍යාව වීමේ භාග්‍ය ලබා ගත් දිනුෂිකා (මහනුවර), ඇතුලු  නවෝදනී හේරත් (කුරුණෑගල)  සහ සුරේනී (මාතර) සිසු දරුවන් අද දින ඔවුන් ඉගෙන ගත් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ  ඉංග්‍රීසි උපදේශිකාවන් ලෙස  පත්වීමි ලැබූහ.
ඔවුන් විශ්වවිද්‍යාලයෙන් සමු ගත්තේ පසුගිය වසරේදී ය. එහෙත්, මෙම වසරේ ඔවුන් එම විශ්වවිද්‍යාලයේ ම තම නංගිලා මල්ලිලාට  ඉංග්‍රීසි ඉගැන්වීමට තෝරා ගන්නා ලදී.
පසුගිය කාලය තුළ මෙම ඉලක්කය  ඔවුන්ගේ මනසට  ප්‍රවේශ  කොට ඒ සදහා ඔවුන් දිරි ගැන්වූ තම දයාබර ගුරු තුමාට ඔවුන් අද සමාජීය විද්‍යා  හා  මානව ශාස්ත්‍ර පීඨයේ දී  දෙපා නමැද අචාර කළහ.
ඒ කළගුණ දත් ශිෂ්ට  දරුවන් ය. ඔබලාට බොහෝම පින් දරුවනි!

Aloysius Sir
22.05.2018




No comments:

Post a Comment